Thursday, April 25, 2024

General line - 0115112241

රජිනි කාන්ත්ට ලංකාවට එන්න පෙර සිතන්නලු




දමිළ සිනමා නළු රජිනි කාන්ත් ශ‍්‍රී ලංකාවේ  ආරම්භ කිරීමට සූදානම් වූ සංචාරය සම්බන්ධයෙන් නැවත සලකා බලන්නැයි ඉන්දියාවේ දේශපාලන පක්‍ෂ දෙකක් ඉල්ලීමක් කර තිබෙනවා. 

එල් පී පී  සහ වී සී කේ යන දේශපාලන පක්‍ෂ රජිනි කාන්ත්ගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි ඉන්දියාවේ සී නිවුස් වෙබ් අඩවිය පවසන්නේ.

ද හින්දු පුවත්පත සඳහන් කළේ ඔහු ලබන අපේ‍්‍රල් මස 9 සහ 10 දිනවලදී යාපනය හා වව්නියාවේ නිවාස ලබා දීමේ  උත්සව දෙකකට සහභාගි වන බවයි.

ඉන්දියාවේ ලයිකා චිත‍්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥාණම් පදනම මෙවැනි නිවාස 150 ක් ශ‍්‍රී ලංකාවේ ඉදිකර තිබෙනවා.

ඒ සඳහා වැය කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 22 ක්.

එමෙන්ම රජිනි කාන්ත් යාපනයේ පැවැත්වෙන රැළියකට ද සහභාගි වීමට නියමිතයි.