Thursday, March 28, 2024

General line - 0115112241

දඹුල්ලේ සිදුවීම ගැන තවදුරටත් පරීක්ෂණ 




දඹුල්ල රෝහලේදී උපත් පාලනයන් සිදුකර ගැනීමට කාන්තාවන්ට අයථා බලපෑම් සිදුකෙරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා. 

මුල් විමර්ශනයේදී ලබාගත් ප‍්‍රකාශවලින් යම් යම් පරස්පරතා නිරූපනය වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. 

කෙසේවෙතත් ඇතැම් උපත් පාලන ක‍්‍රම තාවකාලිකව තවදුරටත් අත්හිටුවා තිබෙන බවද ඔහු පැවසුවා. 


අදාළ මුල් විමර්ශනය සිදු කෙරුණේ මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරියගේ ප‍්‍රධානත්වයෙන්.