Wednesday, April 24, 2024

General line - 0115112241

ඇමති රවී 'ද බෑන්කර් සම්මානය' ලබා ගනී 




ශී‍්‍ර ලංකාව දැන් මූල්‍ය විනයක් සහිතව ආර්ථිකය හසුරවන බව ජාත්‍යන්තරයද පිළිගෙන ඇතැයි අමාත්‍ය රවී කරුණානායක පවසනවා. 

ඔහු ඒ බව පැවසුවේ ආසියා පැසිෆික් කලාපයේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙස ‘ ද බෑන්කර් ’ සඟරාව විසින් පිරිනමන ලද සම්මානය භාරගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

සම්මාන ප‍්‍රධානය එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි ‘ ද බෑන්කර් ’ සඟරාවේ  ප‍්‍රධාන මූලස්ථානයේදී පැවැත්වුණා. 

අමාත්‍ය රවී කරුණානායක වෙත සම්මානය පිරිනැමුවේ එම සඟරාවේ  ප‍්‍රධාන කතෘ බ‍්‍රයන් කැප්ලේන් විසින්.