Friday, April 19, 2024

General line - 0115112241

නුවර වැවේ වළාකුළු බැම්ම ඉරිතලයි




මහනුවර, නුවරවැවේ දළදා වීදිය අසලින් පදික වේදිකාව සමග පිහිටා ඇති ඉපැරණි වළාකුළු බැම්ම ඉරිතලා අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා.

මෙම වළාකුළු බැම්ම විධිමත් ලෙස සංරක්‍ෂණය කිරීමට වගකිවයුතු පාර්ශව කඩිනමින් කටයුතු කළයුතු බවයි අස්ගිරි මහා ලේඛකාධිකාරි ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියාසිටියේ.