Friday, April 19, 2024

General line - 0115112241

දඹදිව ගිය ලාංකික නඩයේ තවත් පිරිසක් රෝහලේ (UPDATE)




දඹදිව වන්දනාවේ ගිය ශ‍්‍රී ලාංකිකයින් තිදෙනෙකු හදිසියේ මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු මේ වනවිට දිවයිනට ගෙන්වාගෙන ඇති බවයි. 

කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචි දඹදිව සංචාර සංවිධාන කරන්නෙකුගේ මග පෙන්වීම යටතේ මොවුන් ඉන්දියාව බලා ගොස් ඇත්තේ ඉකුත් 13 වැනිදායි.

වන්දනා නඩයේ සිටි 63 හැවිරිදි කාන්තාවක් ඉකුත් 20 වැනිදා මියගොස් ඇති අතර ඇයගේ මළ සිරුර 23 වැනිදා දිවයිනට ගෙන්වා ගැණුනා. මියගිය කාන්තාව කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්.

නඩයේ සිටි හැට දෙහැවිරිදි කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි තවත් කාන්තාවක් සහ 65 හැවිරිදි වලස්මුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ද මෙලෙස මියගොස් තිබෙනවා. ඔවුන්ගේ මල සිරුරු ඊයේ (25) දිවයිනට ගෙන්වා ගැනුණා. 

එම වන්දනා නඩයේම තවත් කිහිප දෙනෙකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. අධික සීතල හේතුවෙන් මෙම මරණ සිදු වන්නට ඇති බවට සැක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රකාශකයා සඳහන් කළේ. 
 

----------------------------------

දඹදිව ගිය ලාංකියන් තිදෙනෙක් හදිසියේ මිය යයි

(26-03-2017 10:13)

 

දඔදිව සංචාරයක නිරතව සිටියදී හදිසියේ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

මේ වන විට එම පිරිසගේ දේහයන් යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.