Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ රාත‍්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්




අමෙරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ සින්සිනෑටි නගරයේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

එහිදී එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 14 දෙනෙකු තුවාල ලැබුවා. 

තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී  ඇත්තේ. 

ප‍්‍රහාරය එල්ල වන අවස්ථාවේ සියයකට අධික පිරිසක් සමාජ ශාලාව තුළ රැදී සිටියා. 

ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ කරගෙන නැහැ.