Friday, March 29, 2024

General line - 0115112241

අඟහරු ග‍්‍රහලෝකයේ දැවැන්ත සුනාමියක්




මීට වසර බිලියන 03කට පෙර අඟහරු ග‍්‍රහලෝකයේ දැවැන්ත සුනාමියක් හට ගෙන ඇති බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

ග‍්‍රාහකයක් ගැටීමෙන් මෙම සුනාමිය හට ගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. 

එමගින් මීටර 150කට වඩා උස මුහුදු රළක් ඇති වී ඇති බවත් එමගින් අඟහරු ග‍්‍රහයාගේ නැගෙනහිර කොටසේ ප‍්‍රදේශ රැසක් විනාශ වී ඇති බවත් ඔවුන් පවසනවා. 

මේ වන විට වියළි ග‍්‍රහලෝකයක් ලෙස පැවතිය ද අතීතයේ එහි සාගරයක් තිබෙන්නට ඇති බවට මෙමගින් සාක්ෂි ඉදිරිපත් වන බවයි විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත්තේ.