Tuesday, April 16, 2024

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් අළෙවි කළ වෙළඳසැල් හිමියෙකුට දඩ




මිනිස් පරිභෝජනයට නුසුදු කුකුල් මස් විකිණීමේ චෝදනාවට වරදකරු වූ වෙළඳසැල් හිමියෙකුට රුපියල් දස දහසක දඩ මුදලක් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. 

ඊට අමතරව අදාල වෙළඳසැල් හිමියාට සය මසක සිරඳඩුවමක් ද මෙහි දී නියම කෙරුණා. එම සිරඳඩුවම වසර පහකට අත්හිටුවන ලෙසයි ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මෙහිදී නියෝග කළේ.