Friday, March 29, 2024

General line - 0115112241

හසරැල්ලෙන් කැරැල්ලකට එරංගගෙන් ආරාධනා (UPDATE)




2017 යොවුන් පුරය ත‍්‍රීකුණාමලය මැක්හෙයිෂර් ක‍්‍රීඩාංගණයේදී අද (29) පස්වරුවේ ආරම්භ කෙරුණා.

ඒ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

එය අද සිට ලබන අපේ‍්‍රල් මස දෙවැනි දා දක්වා පැවැත්වෙනු ඇති. ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය, ජාතික තරුණසේවා සභාව සහ ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව මෙය සංවිධාන කරනවා.

මෙවර යෞවන සමාජ සාමාජිකාවන් සහ විදේශීය තරුණ නියෝජිතයින් ඇතුළුව හයදහසකට ආසන්න පිරිසක් යොවුන් පුරයේ වැඩසටහනට සහභාගි වනවා.

කඳවුරු භූමි ක‍්‍රියාකාරකම්, සංස්කෘතික වැඩසටහන් සහ වෙරළ ක‍්‍රීඩා ඇතුළු අංග රැසක් මෙවරත් යොවුන් පුරය වැඩසටහනට ඇතුළත්.

 2017 යොවුන් පුරය අමතමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ සඳහන් කළේ හසරැල්ලෙන් කැරැල්ලක් ඇති කිරීමට තරුණ තරුණියන්ට ආරාධනා කරන බවයි.











 

--------------------------------

තරුණ තරුණියන් 6000ක් පිළිගන්න ත්‍රිකුණාමලය සුදානම්

(29-03-2017 11.05)

“අනාගතය ඇරඹුණා” තේමාවෙන් පැවැත්වෙන හත්වැනි යොවුන් පුරය අද (29) පස්වරුවේ   ආරම්භ වනවා.

ත්‍රිකුණාමල  මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ දී ඇරඹෙන උත්සවය සඳහා තරුණ තරුණියන් 6000ක් පමණ මේ වනවිට ත්‍රිකුණාමලයට පැමිණෙමින්  සිටිනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ විසින් මෙහෙයවනු ලබන යොවුන් පුරය 2017 වැඩසටහන  ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් අද පස්වරුවේ සහභාගිවීමට නියමිතයි.

අග්‍රාමාත්‍යවරයා මාර්තු 31  වන දින යොවුන් පුරය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.

අද ආරම්භවන තරුණ කඳවුර සම්බන්ධයෙන් කළ විමසීමක දී ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ සඳහන් කළේ පැමිණෙන තරුණ තරුණියන් සාදරයෙන් පිළිගැනීම සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි.