Thursday, April 25, 2024

General line - 0115112241

බංග්ලාදේශ ජිහාඩ් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8ක් මරුදකී (PHOTOS)




ඊසානදිග බංග්ලාදේශයේ ඉස්ලාම් අන්තවාදී ජිහාඩ් ත්‍රස්තයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ මෙහෙයුමකදී සැකකාර ත්‍රස්තයන් විසින් සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෞල්විබසාර් ප්‍රදේශයේ දින දෙකක් පුරා ආරක්ෂක අංශ විසින් සිදුකළ වැටලීමක ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී මෙම පුපුරුවා ගැනීම සිදුවී ඇති අතර, මියගිය අය අතර කුඩා දරුවෙකුද සිටින බව වාර්තා වෙයි.


පළා යාමට නොහැකි තැන ත්‍රස්තවාදී සැකකරුවන් ග්‍රෙනේඩ් බෝම්බයක් පුපුරුවා ගැනීමෙන් මෙම ජීවිත හානි සිදුව ඇති බව පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ.

මියගිය පිරිස අතර ජිහාඩ් අන්තවාදී සාමාජිකයන්ද සිටින බව සඳහන් වෙයි. 

මේ අතර, පසුගිය සෙනසුරාදා කමාන්ඩෝ භටයන් විසින් ඉස්ලාමීය ජිහාඩ් අන්තවාදීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ හදිසි මෙහෙයුමකදී, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා සිවිල් වැසියන් සිව් දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ආභාෂය ලැබූ ජිහාඩ්  ත්‍රස්තයන් බිහිවීම ඇරඹී ඇති අතර, මෙය පසුගිය කාලය පුරාවට එරට ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී තිබේ.