Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ මහාමාර්ග දෙපස මත්පැන් අළෙවිය අද සිට තහනම්




මහාමාර්ග දෙපස මත්පැන් අළෙවිසැල් පවත්වාගෙන යාම තහනම් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිඛෙනවා. 

ඒ අනූව ජාතික මහාමාර්ගවල සිට මීටර් 500 ක් ආසන්නයේ සංචාරක හෝටල් සහ අවන්හල්වල ද මත්පැන් විකිණීම තහනම් කිරීමටයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. 

මෙම තන්දුව හේතුවෙන් දිල්ලි නගරයේ පමණක් මත්පැන් අලෙවිසැල් 50 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල සදහන්. 

මාර්ග ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ මෙම නියෝගය අද දිනයේ සිට ක්‍රියාත්මකයි. 

එමෙන්ම ගව ඝාතනය ජීවිතාන්තය දක්වා බලපවත්වන සිර දඩුවමක් බවට පත් කිරිමට ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය පියවරගෙන තිඛෙනවා. 

ඒ, එම ප්‍රාන්තයේ මන්ති්‍ර මණ්ඩලයේ අනුමැතියද සමගින්. 

ගව ඝාතනය සදහා මෙතෙක් ඉන්දියාවේ තිබුණේ වසර 07ක සිරදඩුවමක් පමණයි. 

ගුජරට් ප්‍රාන්තයේ දැනට පවතින සත්ත්ව ආරක්ෂණ පනතට සංශෝධනයක් එක් කරමින් මෙම නව නීතිය සම්මත කර ගෙන තිඛෙනවා. 

එම නීතියට අනූව ගවමස් ප්‍රවාහනය කර හසු වූ අයෙකුට දස වසරක සිර දඩුවමක් නියම කළ හැකියි. 

භාරතීය ජනතා පක්ෂයේ මූලිකත්වයෙන් මෙම නව නීතිය ගෙනඑනු ලැබුවේ ගුජරාට් ප්‍රාන්තයේ එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගත් ඡන්ද උපක්‍රමයක් ලෙස බවයි ඉන්දීය කොංග්‍රස් පක්ෂය ප්‍රකාශකර ඇත්තේ.