Friday, March 29, 2024

General line - 0115112241

නාය යාමකින් ගම්මානයක් වැළලෙයි




නිරිත දිග කොලොම්බියාවේ පුටුමායෝ ප‍්‍රදේශයේ සිදු වූ නායයාමකින් පුද්ගලයින් 154 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ගම්මානයකට ඉහළින් පිහිටි විශාල කන්දක් මෙලෙස නායයාමට ලක්ව ඇති බවයි.

ප‍්‍රදේශයට අධික වර්ෂාපතනයක් ද පවතිනවා. මේ හේතුවෙන් ගං වතුර අවදානමක් ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

නායයාමෙන් අතුරුදන්වූවන් සෙවීම සඳහා සහන සේවා කණ්ඩායම් මෙහෙයුම් සිදු කරනවා. කෙසේ වෙතත් කොපමණ පිරිසක් අතුරුදන් වී ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

ඒ හේතුවෙන් මරණ සංඛ්‍යාව ද තවදුරටත් ඉහළ යා හැකියි. බේරා ගැණුනු පුද්ගලයින් 190 දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා.