Thursday, April 25, 2024

General line - 0115112241

ආහාර විෂ වී දකුණු ඉන්දියාවේ පොලිස් නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් රෝහලට




ආහාර විෂ වීමක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ පොලිස් නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කේරළ ප‍්‍රාන්තයේ පොලිස් පුහුණු කඳවුරක නිළධාරීන් පිරිසක් මෙලෙස රෝගාතුර වී ඇති  බවයි. 

රාත‍්‍රී ආහාරය සඳහා පිළිගැන්වූ මාළු ව්‍යංජනයක් සහ බත්  ආහාරයට ගැනීමෙන් පසු ඔවුන් මෙලෙස රෝගාතුරවී තිබෙනවා.

වමනය සහ පාචන තත්ත්වයක් ඇති වීම හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහල්ගත කෙරුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.