Saturday, April 20, 2024

General line - 0115112241

කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති අතින් විවෘත කෙරේ




දේශීය කිරි නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් එක් කරමින් කාර්ගීල්ස් සමාගම විසින් මීරිගම ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද කොත්මලේ නව කිරි නිෂ්පාදනාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (03) පෙරවරුවේ විවෘත කෙරුණා.

සමරු ඵලකය නිරාවරණය කර නව කර්මාන්තශාලාව විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත වුණා.

කාර්ගීල්ස් සමාගමේ, සරුදින ව්‍යාපෘතිය යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සහ ලැප්ටොප් පරිගණක ප්‍රදානයක් ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

එහි ශිෂ්‍යත්වලාභියෙකු වූ කිලිනොච්චිය භාරතී විද්‍යාලයේ පාස්කරන් ශ්‍යානුගා සිසුවිය මෙහිදී උත්සව සභාව අමතමින් කතාකළ අතර  එම දැරිය තමා අසළට කැදවා ගත් ජනාධිපතිවරයා තොරතුරු විමසීමටද කටයුතු කළා.

තම පාසලේ අඩු පාඩු කිහිපයක් පිළිබදව ද මෙහිදී දැරිය ජනාධිපති දැනුවත් කළ අතර ඒවා සම්පූර්ණ කර දීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.

අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, පී. හැරිසන්, කාර්ගීල්ස් ලංකා සමාගමේ සභාපති ලූවිස් පේජ්, නියෝජ්‍ය සභාපති රංජිත් පේජ් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.