Thursday, April 25, 2024

General line - 0115112241

සිරියානු ජනාධිපති එරට ජනතාව පීඩා කරන බව අමෙරිකානු තානාපතිනිය කියයි




සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් දිගු කලක පටන් එරට ජනතාව පීඩාවට පත් කරම්න් සිටින බව එක්සත් ජාතින්ගේ අමෙරිකානු තානාපතිනි නිකි හෙලී පවසනවා. 

ඇය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ප‍්‍රමුඛ නියෝජිතවරියක ලෙසයි සැළකෙන්නේ. 

එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අමෙරිකානු තානාපතිනිය කළ මෙම ප‍්‍රකාශය අමෙරිකානු දේශපාලන ප‍්‍රතිපත්තියේ වෙනසක් සළකුණු කරන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ. 

සිරියානු නායකයාගේ ඉරණම එරට ජනතාව විසින් විසදිය යුතුව ඇතැයි අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.