Saturday, April 20, 2024

General line - 0115112241

ටික්රිට් නුවරට ප්‍රහාරයක්




උතුරු ඉරාකයේ ටික්රිට් නුවරට එල්ල වූ ප‍්‍රහාරයකින් පුද්ගලයින් තිස් එක් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වි තිබෙනවා.

අයි එස් ත‍්‍රස්තවාදීන් විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

මියගිය පිරිස අතර පොලිස් නිලධාරින් 14 දෙනෙකුද වනවා.

තුවාල ලැබූ සංඛ්‍යාව හතලිහකට අධිකයි. පොලිස් මුරපොලක් සහ නිවසක් ඉලක්ක කර ගනිමින් මෙම ප‍්‍රහාරය එල්ලවී තිබෙනවා.