Friday, April 19, 2024

General line - 0115112241

පෘථීවියට සමාන ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව සොයාගනී




පෘථීවියට සමාන බවට පැවසෙන ජේ ජී 1132 බී නම් වූ ග්‍රහලෝකය වටා වායුගෝලයක් ඇති බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. 

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක වායුගෝලයක් නිරීක්ෂණය කළ පළමු අවස්ථාව මෙයයි. 

සුපිරි පෘථීවි ග්‍රහලෝකය ලෙස හැඳින්වෙන මෙම ග්‍රහලෝකය පෘථීවිය මෙන් එකයි දශම හතරක විශාලත්වයකින් යුක්ත වනවා. 

එය පවතින්නේ පෘථීවියට වඩා ආලෝක වර්ෂ 39ක් ඈතින්. 

ජලය සහ මීතේන් වායුවේ මිශ්‍රණයකින් එහි වායුගෝලය සැකසී ඇති බවටයි පැවසෙන්නේ. 

කෙසේ වෙතත් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 370ක්. 

එබැවින් මෙම ග්‍රහ ලෝකයේ ජීවය පැවතීමේ ඉඩක් ඇත්දැයි සැක සහිත බව විද්‍යාඥයින් පවසනවා. 

මෙම ග්‍රහලෝකය පිළිබඳ පළමු වරට අනාවරණ කර ගැනුනේ 2015 වසරේදීයි.