Friday, March 29, 2024

General line - 0115112241

අඩි හතළිස් දහසක් ඉහළ අහසේ දරු ප‍්‍රසූතියක්




අඩි හතළිස් දහසක් ඉහළ අහසේ සිදු වූ දරු ප‍්‍රසූතියක් සම්බන්ධයෙන් විදෙස් පුවත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

තුර්කි ගුවන් සේවයට අයත් යානයක් තුළ දී විසිඅට හැවිරිදි කාන්තාවක් මෙලෙස බිළිඳියක් ප‍්‍රසූත කර ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ගිනි හි සිට බුර්කිනා ෆාසෝ දක්වා මෙම ගුවන් යානය පියාසර කරමින් තිබුණා. ගුවන් ගමන අතරතුර අදාළ කාන්තාවට ප‍්‍රසූත වේදනා ඇති වීමත් සමග යානයේ කාර්ය මණ්ඩලය දරු ප‍්‍රසූතිය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දී තිබෙනවා.

බිළිඳිය සහ මව ඉතා නීරෝගි තත්ත්වයෙන් මේ වනවිට බුර්කිනා ෆාසෝහි රෝහලක ප‍්‍රතිකාර ලබන බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.