Thursday, April 25, 2024

General line - 0115112241

කාන්තා රිටි පැනීමේ වාර්තාව යළි අලුත් වෙයි (PHOTOS)




කාන්තා රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට යාපනයේ අනීතා ජෙගදීෂ්වරන් ඊයේ (08) සමත් වුණා.

ඒ, දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී පැවති ජාතික මළල ක‍්‍රීඩා තේරීම් තරගවලදීයි.

එහිදී මීටර් 03 යි දශම හතරයි පහක දක්ෂතාවක් වර්තා කරමින් ඇය නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටවනු ලැබුවා.

අනීතා ජෙගදීස්වරන් යාපනයේ පැවති 42 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ දී ද සිය රිටි පැනීමේ ශ‍්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට සමත් වුණා.