Friday, March 29, 2024

General line - 0115112241

නිමාලිගේ ශ්‍රී ලංකා වාර්තාව බිඳ වැටේ (VIDEO)




දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රිඩාංගණයේ අද (09) පැවති ජාතික මළල ක‍්‍රිඩා තේරීම් තරගාවලියේදී නව ශ‍්‍රී ලංකා වාර්තා  දෙකක් බිහි වුණා. 

ඒ, මීටර 800 කාන්තා සහ මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන්. 

මීටර 800 කාන්තා ධාවන ඉසව්වට එක්වූ ගයන්තිකා අබේරත්න විනාඩි දෙකයි තත්ත්පර දෙකයි දශම පහයි පහක දක්ෂතාවක් වාර්තා කරමින් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූවා. 

ඇය විසින් බිඳ දැමුවේ නිමාලි ලියනාරච්චි විසින් යාපනයේ පැවති හතළිස් දෙවන ජාතික මහා ක‍්‍රිඩා උළෙලේදී පිහිටුවූ ශ‍්‍රී ලංකා වාර්තාවයි.  

මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන් නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූයේ අයේෂා මධුවන්ති. 

ඇය දැක්වූ දක්ෂතාව මීටර් හතළිස් හතයි දශම නවයයි දෙකක්.