Friday, March 29, 2024

General line - 0115112241

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගත් තවත් නැවක් මුදා ගනී




සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසු වූ තවත් නෞකාවක් මුදාගෙන තිබෙනවා.

මෙලෙස සෝමාලියානු කොල්ලකරුවන් අතට පත්ව තිබුණේ යේමන මුහුදු තීරයෙන් සැතපුම් 75 ක් පමණ එපිටින් යාත‍්‍රා කරමින් තිබූ නෞකාවක්.

චීන, ඉන්දීය සහ පාකිස්තානු නාවිකයින්ගෙන් සමන්විත නෞකා 03ක් විසින් කොල්ලකරුවන්ගෙන් මෙම නෞකාව නිදහස් කර ගෙන ඇති බවයි බී බී සී ලෝක සේවය සඳහන් කළේ.

එහි සිටි කාර්ය මණ්ඩලය ද නිරුපද්‍රිතව බේරා ගත් අතර සෝමාලියානු කොල්ලකරුවන් පලා ගොස් තිබුණා. 

දින කිහිපයක් තුළ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගත් තුන්වන නෞකාව ද මෙය වනවා. මීට පෙර ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් නෞකාවක් ද සෝමාලියානු කොල්ලකරුවන් විසින් සිය ග‍්‍රහණයට නතු කර ගැණුනා.