Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙයි




සංචාරක ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම අතර පැවති පළමු තුන්දින ක‍්‍රිකට් තරගය අද (10) ජය පරාජයෙන් තොරව අවසන් වුණා. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම පළමු ඉණිම සඳහා ලකුණු 309 ක් රැස් කළා. 

ඊට පිළිතුරු වශයෙන් ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉණිමට රැස් කළේ ලකුණු 184 ක් පමණයි. 

ඔස්ටේ‍්‍රලියානු යොවුන් කණ්ඩායම කඩුලූ 08 ක් දැවී ලකුණු 142ක් ලබා සිටියදී සිය දෙවන ඉණිම අත්හිටුවනු ලැබූවා. 

ඒ අනූව ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග‍්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 268ක් . 

අවසන් දිනය නිමා වනවිට ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම කඩුලූ 07 ක් දැවී ලකුණු 201 ලබා සිටියා. 

ඔස්ටේ‍්‍රලියානු දෙවැනි ඉණිමේදී ලකුණු 40කට කඩුලූ 06ක් දවා ගැනීමට ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප‍්‍රවීන් ජයවික‍්‍රම සමත් වුණා. 

තරගය පැවැත් වුණේ හොබාට්හිදීයි.