Wednesday, April 24, 2024

General line - 0115112241

කඩුලූ 08 ක ජයක් වාර්තා කරමින් ‘‘කිංග්ස් ලෙවන් පංජාබ්’’ ජය ලබයි




ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කඩුලූ 08 ක ජයක් වාර්තා කිරීමට ‘‘කිංග්ස් ලෙවන් පංජාබ්’’ කණ්ඩායම ඊයේ සමත් වුණා. 

ඒ ‘‘රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්’’ කණ්ඩායම පරාජය කරමින්. කාසියේ වාසිය දිනූ ‘‘රෝයල් චැලෙන්ජර්ස්’’ කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 04 ක් දැවී ලකුණු 148ක් රැස් කළා. 

ඒ.බී ඩිවිලියස්  නොදැවී ලකුණු 89යි. 

ඊට හතරේ පහර 03ක් සහ හයේ පහර 09ක් ඇතුළත් වුණා. 

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ‘‘කිංග්ස් ලෙවන් පංචාබ්’’ කණ්ඩායම පන්දුවාර 14 යි පන්දු 03ක් තුළ කඩුලූ 02ක් පමණක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් ජයග‍්‍රාහී ඉලක්කය පසුකර ගියා. 

හෂීම් අම්ලා නොදැවී ලකුණු 58යි. ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 43යි. 

මේ අතර අයි.පී.එල් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. 

ඒ ‘‘රයිසින් පූනේ සුපර්ජන් ’’ කණ්ඩායම සහ ‘‘දිල්ලි ඩෙයා ඩෙවිල්ස් ’’ කණ්ඩායම අතරයි.