Thursday, March 28, 2024

General line - 0115112241

"රාජිතයි - කිරිඇල්ලයි සියල්ල තීරණය කරලා"




මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමට රජය මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සිය බලතල ඉක්මවා කටයුතු කරමින් සිටින බවයි. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ "රජය පිළිඅරගෙන තිබෙනවා මේ අය වෛදවරුන් ලෙස සේවය කිරීම අනතුරුදායකයි කියලා. මේක කියන කමන්.. මේ අයට දෙන්න ඕන පුහුණුව..පුහුණුව දෙන්න ඕන ක්ෂේත්‍රයන්, පුහුණුව දෙන්න ඕන කාලයන්, තියන්න ඕන විභාගයන්..මේ සියල්ල තීරණය කරන්නේ රාජිත ඇමතිතුමයි..කිරිඇල්ල ඇමතිතුමයි. එතකොට වෛද්‍ය සභාව මොකටද තියෙන්නේ." යනුවෙනි.