Wednesday, April 24, 2024

General line - 0115112241

නාථ දෙවියෝ දීපු බලයක් ගැන ඇමති රාජිත හෙළි කරයි




තමන් රජයේ වෛද්‍ය  නිළධාරීන්ගේ සංගමයේ බලපෑම්වලට යටත් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

තෙල්දෙණිය මූලික රෝහලේ අද (11) පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සයිටම් අර්බුදයට රජය විසඳුමක් ලබා දී ඇති බවත් තමන් සැම විටම ක‍්‍රියා කර ඇත්තේ අධිකරණ නියෝගවලට අනුව බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එහිදී අමාතයවරයා වැඩි දුරටත් සඳහන් කලේ,

"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. ඒ හිටපු ජනාධිපතිවරයා බලයට ගෙනඒමටයි. සභාපතිවරයාට එම බලය ලබා දී තිඛෙන්නේ නාථ දෙවියෝ කියලයි ඔහු ප්‍රකාශ කරන්නේ. සයිටම් අර්බුදය භාවිත කරමින් විරෝධතා ඇති කරන්නේ එම නිසයි. දේශපාලන බල පෙරළියක් ඇති කිරිමටයි. සයිටම් අර්බුදයට රජය විසදුමක් ලබාදුන්නා. අධිකරණය ලබාදුන් නියෝග මම ක්‍රියාත්මක කළා. මම කැමැති නැහැ එස්.බි දිසානායක අමාත්‍යවරයා මුහුණ දුන් ගැටළුවට මුහුණදීමට. අධිකරණ නියෝගය හොඳ හෝ නරක වුනත් ක්‍රියාත්මක කළ යුතුයි. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල නිදහස් රෝහලක් බවට පත් කිරිමට රජය කටයුතු කරනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යෝජනාවලට විරුද්ධව කටයුතු කරනවා. ජනාධිතිවරයා අවිහිංසාවාදී නායකයෙක් විදිහට ප්‍රශ්ණ විසදනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්ණවලට අවධානය යොමු කරනවා. සයිටම් අර්බුදයේ දී ඇතැම් අය සිතන්නේ මමත්, එස්.බි දිසානායකත්, ලක්ෂ්මන් කිරිඇල්ලත් විරුද්ධව කටයුතු කරනවා කියලයි. වෙන වෙන හේතූන් මත සයිටම් අර්බුදය කේන්ද්‍ර කර ගනිමින් විරෝධතා පැවැත්වූවා. වර්ජනයට වෘත්තීය සමිති 182 ක් එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා. නමුත් කිසිදු වෘත්තීය සමිතියක් ආවේ නැහැ. අපි ජනතාව පැත්තෙන් තීන්දු තීරණ ගන්නවා."