Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා වාර්තාවක් තැබූ මළල කී‍්‍රඩිකාවකට මළල ක්‍රීඩා සංගමයෙන් කුඩම්මාගේ සැලකිලි (PHOTOS)




ජාතික මලල කි‍්‍රඩා තේරීම් තරග ඉකුත්දා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී නිමාවට පත් වුණේ නව ශී‍්‍ර ලංකා වාර්තා හයක්ද සමගින්. 

එහෙත් එම තරග ඉසව්වල සංවිධාන කටයුතු පිළිබඳව බොහෝ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් සෑහීමකට පත්ව නැහැ. 

මලල කී‍්‍රඩා බලධාරීන් ඇතැම් ඉසව් සඳහා වැඩි උනන්දුවක් දැක්වුවද ඉසව් කිහිපයක් සඳහා ඔවුන් අවධානය යොමු නොකරන බවයි මෙවර ජාතික මලල කී‍්‍රඩා තේරීම් තරගවලට එක් වූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පවසන්නේ.

මෙවර මිටිය විසි කිරීම කාන්තා ඉසව්වෙන් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි වූ අතර එම ඉසව්වටද මලල කී‍්‍රඩා බලධාරීන්ගේ දැක් වූයේ අඩු සැලකිල්ලක්. 

එම ශී‍්‍ර ලංකා වාර්තාවට හිමිකම් කියූ අයේෂා මධුවන්ති නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සිය මැසිවිල්ල මෙසේ ඉදිරිපත් කළා.

" ඇත්තටම මීට් එකේ ඕගනයිෂන් නම් හරිම අන්තිමයි. අපිට ස්ට්‍රෝ කරන්න අඩුම තරමේ හැමර් එකක්වත් තිබ්බේ නෑ. එයාල තිබ්බ හැමර් ඔක්කොම ෆේල්  වුණා. හරිම කණගාටුදායකයි. ඉවෙන්ට් එකේ රෙකොට් එකට යන්න  පුඵවන් වුනත්  මීට් එකේ කන්ඩිෂනර් එක ගැන නම් හරිම කණගාටුදායකයි. ඒක හරිම දුකින් කියන්න ඕන. මම මේ අවුරැදු හතරම ශ්‍රී ලංකා රේකොඩ් එක බ්‍රේක් කළා.  නමුත් අපිට ලබා දී තියෙන පහසුකම් නම් අන්තිමයි.  අපිට ක්‍රීඩා කරන්න තියෙන ග්‍රවුන්ඩ් එක පවා අන්තිමයි. "

දිනෙන් දින සිය දක්ෂතා මුවහත් කර ගන්නා මෙවන් කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට බලධාරීන් ජාත්‍යන්තර තරග අත්දැකීමක් ලබා දෙන්නේ කවදාද ? 

විසි කිරීමේ ඉසව් සඳහා මලල කී‍්‍රඩා බලධාරීන් කුඩම්මාගේ සැලකිල්ලක් දක්වන බවයි අයේෂා මදුවන්ති පුහුණුකරු මාධව බණ්ඩාර සෙනරත් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ.

මට හරි කණගාටුයි මේ ත්‍රොයින් ඉවෙන්ට් වලට සලකන විදිය ගැන. ඒක එක හේතුවක් තමයි මම මෙයාලට උදව් කරන්න.  හැම ඉවෙන්ට් එකක් ගැනම තියෙන තත්වය ගැන හරිම කණගාටුයි වෙනවා. විශේෂයෙන්ම මේ මළල ක්‍රීඩා සංගමයේ ඉන්නේ මළල ක්‍රීඩා කරපු අය. නමුත් මෙයාලගේ වැඩ ගැන අපි කණගාටු වෙනවා. මේ සම්බන්ධ අදාළ බලධාරීන්ට කියන්න තියෙන්නේ මීට වඩා වගකීමකින් වැඩ කරන්න කියලයි.