Tuesday, April 16, 2024

General line - 0115112241

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ගමන්ගත් බස් රථයකට බෝම්බ ප‍්‍රහාර 3 ක් (PHOTOS)




ජර්මනියේ, බොරූසියා ඩොට්මන් පාපන්දු කණ්ඩායම ගමන්ගත් බස් රථයක් ඉලක්ක කර ගනිමින් බෝම්බ ප‍්‍රහාර 3 ක් එල්ල වී තිබෙනවා. 

හොස්ටන් නගරයේදී මෙම ප‍්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. 

පාපන්දු කණ්ඩායම ලීග් පාපන්දු තරගාවලියක අවසන් පුර්ව තරගයට සහභාගිවීම සදහා කී‍්‍රඩාංගණය වෙත ගමන් කිරීමේදී මෙම ප‍්‍රහාරය එල්ල වුණා. 

ඉන් එක් කී‍්‍රඩකයෙකු තුවාල ලැබූ අතර ඔහු මේ වනවිට ප‍්‍රතිකාර සදහා රෝහල්ගත කර තිබෙනවා. 

ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කි‍්‍රයාත්මකයි.