Thursday, April 18, 2024

General line - 0115112241

ඌරුබොක්ක - ඇඹිලිපිටිය මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙකුට තුවාල (PHOTOS)




ඌරුබොක්ක - ඇඹිලිපිටිය මාර්ගයේ බටපොත්දෙණිය ප‍්‍රදේශයේ සිදු වූ අනතුරකින් වෑන් රථයක ගමන්ගත් අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මාකදුර ප‍්‍රදේශයේ සිට කොළොන්න ප‍්‍රදේශයට පිරිසක් ගමන් කළ වෑන් රථය මාර්ගයේ පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් හීගොඩ ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවු හත් දෙනෙකු මාතර මහරෝහලට ඇතුළත් කෙරුණා.

ඒ අතර කුඩා දරුවන් තිදෙනෙකුද සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර අම්පාර උහන පාලම් කදවුර ප‍්‍රදේශයේදි බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලැබුවා.

අදාළ බස් රථය විදුලි කණුවක ගැටීමෙන් පසු ඒ ආසන්නයේ තිබූ නිවසකද ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ.