Saturday, April 20, 2024

General line - 0115112241

වකුගඩු රෝගයට සැබෑ හේතුව ළගදීම එළියට




දැඩි ආන්දෝලනයකට තුඩුදී ඇති රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව කුමක් දැයි ළගදීම හෙළි කිරීමට හැකි බව රජරට වකුගඩු රෝගය පිළිබද පරීක්‍ෂණ සිදුකරන කණ්ඩායමේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. 

රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයේ වාර්තාවක් ලබන සතියේ ලෝක වකුගඩු රෝග සම්මේලනයට ඉදිරිපත් කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව සොයා ගැනීම සදහා විශේෂඥ කණ්ඩායමක් ළගදීම මෙරටට පැමිණෙන බව වෛද්‍ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත කියාසිටියා.

ලෝක වකුගඩු රෝග සම්මේලනය ලබන 21 වනදා සිට 23 වනදා දක්වා මෙක්සිකෝවේදි පැවැත්වීමට නියමිතයි. 

ඊට සහභාගි වන ශී‍්‍ර ලංකා නියෝජිතයින් ලබන සතියේ දිවයිනෙන් පිටත්ව යනු ඇති.