Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය සංජු සැම්සන් වාර්තා කරයි




2017 ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා. 

ඒ, රයිසින් පුනේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයේදීයි. 

සංජුගේ ශතකයත් සමග පුනේ කණ්ඩායම පරාජය කරමින් ලකුණු 97 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දිල්ලි කණ්ඩායම සමත් වුණා. 

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 205 ක් රැස් කළා. 

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ පුනේ කණ්ඩායමට සියලූ දෙනා දැවී ලබාගැනීමට හැකි වුණේ ලකුණු 108 ක් පමණයි.