Friday, March 29, 2024

General line - 0115112241

දෙවුන්දර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට නෙත් වෙතින් වැඩමුළුවක්




දෙවුන්දර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන් වෙනුවෙන් නෙත් එෆ්.එම්. රේඩියෝව සංවිධාන කරන නායකත්ව සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහනක් අද (18) උදෑසන 6.00 ට ආරම්භ වුණා.

එහි සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත මහින්ද රුබසිංහ සඳහන් කළේ නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන මෙය, දෙවුන්දර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවක සේවිකාවන්ගේ ආකල්ප, නායකත්ව කුසලතා සහ දැනුම වැඩිදියුණු කර ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙන බවයි.

නිසි න්‍යයික සහ ප්‍රායෝගික ක්‍රමවේද ඔස්සේ ඔවුන්ගේ වෘත්තියභාවය ඉහළ නැංවීමට මෙන්ම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයටද මෙම වැඩසටහන දායක වෙනු ඇති.  ඒ වෙනුවෙන් වූ මගපෙන්වීම මෙම නායකත්ව සහ පෞර්ෂ සංවර්ධන වැඩසටහන හරහා සිදු කෙරෙනවා.