Thursday, March 28, 2024

General line - 0115112241

රටපුරා වැසියෝ අවුරුද්දට නෑගම් යති - රණවිරුවන් අමතක නොකළාට නෙත් රේඩියෝවට පැසසුම්




අලූත් අවුරුද්දක උදාව බොහෝ දෙනා සිය පවුලේ සාමාජිකයන් සමග නිවසේදී සතුටින් සැමරුවත් එම අවස්ථාව රට වෙනුවෙන් කැප කළ පිරිසක්ද සිටිනවා. 

නෙත් නිවුස් කණ්ඩායම එවැන්නන් සොයා අද ක්‍ෂේත‍්‍ර චාරිකාවක නිරත වුණා. 

අප ගියේ හිස් අතින් නොවෙයි. කැවිලි පෙවිලිද බොහෝ රැගෙනයි. 

නෙත් නිවුස් කණ්ඩායමේ මෙම නෑ ගමන බොහෝ දෙනාට සතුටක් වුණා. 

කොළඹ කොටුව ශී‍්‍ර ලංගම මධ්‍යම බස්නැවතුම් පොලේදීද නෙත් නිවුස් කණ්ඩායමට ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.

රෝහල්, පොලිස් ස්ථාන, හමුදා කදවුරු සහ බන්ධනාගාරයද නෙත් නිවුස් කණ්ඩායමේ මෙම ක්‍ෂේත‍්‍ර චාරිකාවේ නැවතුම් කිහිපයක් වුණා. 

ඒ සෑම ස්ථානයකදීමද අපට ලැබුණේ ස්තුති පූර්වක ප‍්‍රතිචාරයන්.