Friday, April 19, 2024

General line - 0115112241

වාහනයේ ටයරය මාරු කරන්න අඩ ලෙස බුදු පිළිම යොදාගෙන




වාහනයකට අඩ තැබීම සදහා බුද්ධ ප‍්‍රතිමා යොදාගත් තරුණයන් දෙදෙනෙකු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පුත්තලමේ සිට පේරාදෙණියට පැමිණ ඇති බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළිව ඇත්තේ.

වාහනයේ ටයරයක ඇති වූ කිසියම් දෝෂයක් හේතුවෙන් ටයරය මාරු කිරීම සඳහා ඔවුන් වාහනයට මෙම අඩ ලෙස බුද්ධ ප්‍රතිමා යොදාගෙන තිබෙනවා.

මෙලෙස වාහනයට අඩ තැබීම සදහා ඔවුන් යොදාගෙන ඇති බුද්ධ ප‍්‍රතිමා දෙක අසළ ස්ථානයකින් ලබාගත් ඒවා බවයි විමර්ශනවලින් වැඩිදුරටත් හෙළිව ඇත්තේ.

ප‍්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව පේරාදෙණිය පොලීසිය අදාළ වැටලීම සිදුකර තිබෙනවා.