Friday, March 29, 2024

General line - 0115112241

හෝර්ටන් තැන්නට ජන ගඟක්




අලුත් අවුරුදු සමය වෙනුවෙන් එළඹි දීර්ඝ නිවාඩුවත් සමග දෙස් විදෙස් සංචාරකයින්ගෙන් හෝර්ටන් තැන්න ජාතික උද්‍යානය පිරී ගොස් තිබෙනවා.

ඕහිය සහ පට්ටිපොල පිවිසුම් මාර්ග අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබුණු අතර මේ දිනවලදී ප‍්‍රදේශයට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලෝකාන්තය හොඳින් දර්ශනය වන බවයි nethnews.lk වාර්තාකරු පෙන්වා දෙන්නේ. 

හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු පැවසුවේ උද්‍යානයට පැමිනෙන සංචාරකයින් පොලිතීන් ආදී අපද්‍රව්‍ය උද්‍යානය අවට මුදාහැර උද්‍යානයේ අලංකාරයට හානි නොකර සුන්දරත්වය විඳ ගැනීමට මතක තබා ගත යුතු බවයි.