Tuesday, March 19, 2024

General line - 0115112241

අලි පවුලම වලේ වැටෙයි




වව්නියාව ඕමන්ත ප‍්‍රදේශයේ දී වගා ළිඳකට වැටී සිටි වනඅලින් හතර දෙනෙකුගෙන් දෙදෙනෙකු වනජීවි නිලධාරීන්, පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව බේරාගෙන තිබෙනවා.

මෙම වනඅලින් රංචුව ජලය සොයා ගම්වැදී ඇති අතර ඔවුන් වැටී ඇත්තේ කුඹුරකට ජලය ලබාගැනීම සඳහා සකස් කර තිබූ වගා ළිඳකටයි.

ඔවුන්ගෙන් වන අලින් දෙදෙනෙකු වැඩිහිටි වියේ පසුවන බවද අනෙක් දෙදෙනා පැටවුන් බවද හඳුනාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගොඩගෙන ඇත්තේ පැටවුන් දෙදෙනායි. වැඩිහිටි වන අලින් දෙදෙනාද බේරා ගැනීම සඳහා අද මෙහෙයුම් සිදු කරන බව වනජීවි නිලධාරීන් කියා සිටියා.