Thursday, April 25, 2024

General line - 0115112241

වව්නියාවේ දී වන අලියෙකුට වෙඩි (PHOTOS)




වව්නියාව කොම්බුවයිත්තකුලම් ප‍්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි වන අලින් දෙදෙනෙකු මුදා ගැනීම සඳහා වන ජීවි නිිළධාරීන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව අද (17) පෙරවරුවේ මෙහෙයුමක් සිදු කළා.  

බැකෝ යන්ත‍්‍ර යොදා ගෙන එම වන අලීන් ගොඩ ගන්නා අවස්ථාවේ එක් වන අලියෙකු වන ජීවි නිලධාරීන්ට පහර දීමට උත්සාහ දරා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එහිදී වන ජිවි නිළධාරීන් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් එම වන අලියා මිය ගොස් තිබෙනවා. 

මෙම වගා ළිඳේ වැටී සිටි අලි පැටවුන් දෙදෙනෙකු ඊයේ දිනයේදී මුදා ගැණුනු බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.