Friday, March 29, 2024

General line - 0115112241

රජයේ කිසිදු ඉඩමකට කුණු දැමීමට නොදෙන බව පාඨලී චම්පික රණවක කියයි




එළඹෙන මැයි පළමුවනදා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිදු ඉඩමකට කුණු බැහැර කිරීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර තිබෙනවා. 

යම් නගර සභාවකට, ප‍්‍රාදේශිය සභාවකට හෝ රජයේ ආයතනයකට කසල බැහැර කිරීමට භූමියක් අවශ්‍යවන්නේ නම් එම ආයතන සතු ප‍්‍රතිපාදනවලින් අදාළ වියදම පියවා ගත යුතු බවයි නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. 

පසුගිය පෙබරවාරි මාසයේදී මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විශේෂ කැබිනට් පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කළා. 

ඒ අනුව  මීතොටමුල්ල කුණු කන්දට කුණු බැහැර කිරීම අත්හිටුවීමටත් ඒ සඳහා විකල්ප ස්ථාන හඳුනා ගන්නා ලෙසත් කොලඹ මහා නගර සභාවට උපදෙස් ලබා දී ඇති බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සඳහන් කළා. 

මේ අතර අද රාත‍්‍රියේ විකාශය කෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක් වන්නේද මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.