Thursday, April 25, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ කසළ කන්දට බිළි වූ ගණන 30ක් දක්වා ඉහළට - UPDATE




මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීම හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිවේදනය කළේ සිද්ධියෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන්ව සිටින බවයි.

---------------------------------------------------------------------------

මීතොටමුල්ලේ කසළ කන්දට බිළි වූ ගණන 29ක් දක්වා ඉහළට 17-04-2017 PM 06:06

මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් මිය ගිය පුද්ගලයන් ගණන මේ වන විට 29ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ අතුරුදන්ව සිටින පුද්ගලයන් සොයා යුද හමුදා භට පිරිස් තවදුරටත් මෙහෙයුම්වල නිරත වන බවයි. 

මෙම සිද්ධියෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමණාකරණ මධයස්ථානය අද පස්වරුවේ නිවේදනය කළා. 

මේ අතර, නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක අද එම ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී මාධ්‍ය හමුවේ ඔහු අදහස් දැක්වූයේ මෙලෙසයි. 

මේ අතර, මෙම අනතුරෙන් මිය ගිය 14 දෙනෙකුගේ අවසන් කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේදි අද සිදු කෙරුණා.