Wednesday, April 24, 2024

General line - 0115112241

බුදු පිළිම, දන්සැල් සඳහා නව චක‍්‍රලේඛයක් ගෙන ඒමට සූදානම්




බුදු පිළිම, දන්සැල් සහ වෙසක් සුභ පැතුම්පත් සම්බන්ධයෙන් නව චක‍්‍රලේඛයක් ගෙන ඒමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සූදානම් වනවා.

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර පැවසුවේ බුදු දහමට නොගැළපෙන ඇතැම් ක‍්‍රියාකාරකම් වැළැක්වීමේ අරමුණින් නව චක‍්‍රලේඛය ගෙන එන බවයි. 

බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කිරීමට අදාළ ප‍්‍රමිතීන්ද එහි ඇතුළත් බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ. 

දන්සැල් පැවැත්වීමේ දී සහ ඒ සඳහා මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් ද නියාමනයක් සිදු කිරීමට ද අවධානය යොමු කෙරෙන බවයි බෞද්ධ කටයුතු කොමසාරිස්  ජනරාල්වරයා සඳහන් කළේ. 

බෞද්ධ ආගමික කටයුතු සඳහා සංගීතය යොදා ගැනීම, වෙසක් සුභ පැතුම්පත් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන් ද නව නීති ගෙන එන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.