Thursday, March 28, 2024

General line - 0115112241

සාලියවැවින් හිස නොමැති මිනිස් අස්ථි කිහිපයක් මතු වෙයි




සාලියවැව නීලබැම්ම ප‍්‍රදේශයේ තිබී හිස නොමැති මිනිස් අස්ථි කිහිපයක් සොයාගෙන ඇති බව සාලියවැව පොලිසිය පවසනවා. 
ඊයේ පස්වරුවේ සොයා ගත් මෙම අස්ථි කොටස් ආසන්නයේ තිබී එම් පී 20 වර්ගයේ රිවෝල්වරයක් ද හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු නැහැ. 

මෙම අස්ථි කොටස් සිය රාජකාරි ගිනි අවිය සමඟ ඉකුත් 04 වනදා සිට අතුරුදන්ව සිටින අනුරාධපුර පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයාගේදැයි සැක මතුව තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.