Saturday, April 20, 2024

General line - 0115112241

නීති විරෝධි දුම්වැටි සමඟ යුක්රේන ජාතිකයෙක් අත්අඩංගුවට




නීති විරෝධි දුම්වැටි සමඟ යුක්රේන ජාතිකයෙකු වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, පැලෑන වෙරළතීරයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබී නීති විරෝධි දුම්වැටි 200ක් සොයාගත් බවයි වැලිගම පොලිසිය පැවසුවේ. 

සැකකාර යුක්රේන ජාතිකයා අද මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.