Friday, March 29, 2024

General line - 0115112241

කලාඔයෙන් සොයාගත් මල සිරුර අතුරුදන්ව සිටි කොස්තාපල්වරයාගේ බව හෙළිවෙයි




කලාඔය නීලබැම්ම ප‍්‍රදේශයේ තිබී ඊයේ රාත‍්‍රියේ සොයාගත් මල සිරුර අතුරුදන්ව සිටි අනුරාධපුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයාගේ බවට හඳුනාගෙන තිබෙනවා. 

එම පොලිස් නිලධාරියා රාජකාරී ගිනි අවිය ද සමඟ අතුරුදන්ව සිටියේ අපේ‍්‍රල් මස 04 වනදා සිටයි. 

මෙලෙස මියගොස් ඇත්තේ ලලිත් කුමාරසිරි නමැති 38 හැවිරිදි වියේ පසු වූ අයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.