Thursday, April 25, 2024

General line - 0115112241

අක්කරේපත්තුවේ රිය අනතුරකින් දෙදෙනෙක් මරුට




අක්කරේපත්තුව - පොතුවිල් මාර්ගයේ, 362 සහ 363 කිලෝ මීටර් කණු අතර ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. 

යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට ගමන් කර තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

මියගොස් ඇත්තේ එහි ගමන් කළ ඔලූවිල් ප‍්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් පස් හැවිරිදි හා විසිහතර හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.