Friday, March 29, 2024

General line - 0115112241

නීති විරෝධි මත්පැන් සමඟ කඩවත දී පුද්ගලයෙක් අත්අඩංගුවට




නීති විරෝධි මත්පැන් ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු කඩවත ගෝනහේන ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලිසිය සඳහන් කළේ සැකකරු සතුව තිබී නීති විරෝධි මත්පැන් මිලිලීටර් පනස් හතර දහස් හත්සිය පනහක් සොයාගත් බවයි.
 
සැකකරු ගෝනහේන වෑබඩ ප‍්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. 

ඔහු මහර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.