Friday, April 19, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ  සිදු වූ ඛේදවාචකයට වියට්නාම ජනාධිපතිගෙන්  නිවේදනයක්




මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකේය ජනතාව සහ රජය වෙත සිය සාතිශය සංවේගය පළ කරන බව වියට්නාම ජනාධිපති ට‍්‍රැන් ඩයි ක්වන් පවසනවා. 

එමෙන්ම වියට්නාම කොමියුනිට්ස් පක්ෂයේ මහ ලේකම් ගුයෙන් ෆු ට්‍රොං ද ශ‍්‍රී ලාංකේය ජනතාව වෙත සංවේගය පළ කළ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා. 

වියට්නාම ජනාධිපතිවරයා හා කොමියුනිට්ස් පක්ෂයේ මහ ලේකම්වරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙවැනි ඛේදවාචකයක් අනාගතයේ දී සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවට සහය ලබාදීමට ද සූදානම් බවයි. 

මේ අතර මීතොටමුල්ල ඛේදවාචකය හේතුවෙන් සිය වියට්නාම සංචාරය කෙටි කර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට පෙරවරුවේ දිවයිනට පැමිණෙනවා.