Saturday, April 20, 2024

General line - 0115112241

ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම්ට පහරදීමට තැත්කළ රිය සහයක අත්අඩංගුවට




ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ ලේකම්වරයාට එම සභාව තුළ දී පහරදීමට උත්සහ කළ පුද්ගලයෙකු හලාවත පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප‍්‍රාදේශීය සභාවේ සේවය කරන අනියම් ආදේශක රිය සහයකවරයෙකු බවයි. 

තමන් කාර්යාලයේ රැඳී සිටින අවස්ථාවේ සැකකරු කැත්තකින් පහරදීමට උත්සහ කළ බවට ලේකම්වරයා සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.