Wednesday, April 24, 2024

General line - 0115112241

මීතොටමුල්ලේ ඛේදවාචකයට බිලි වූ ගණන ඉහළට




මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් මියගිය පුද්ගලයින් ගණන 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න පැවසුවේ අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් සිදු කරන හමුදා භට පිරිස් අද උදෑසන එක් මෘත දේහයක් සොයාගත් බවයි. 

එම මෙහෙයුම් තවදුරටත් ක‍්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර මීතොටමුල්ල කසල කන්ද අවට අවදානම් කාලපයේ නිවාසවල පදංචිකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී තිබෙනවා.