Tuesday, April 23, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවේ තර්ජිනී  ඕස්ටේ‍්‍රලියාවේ දැල් පන්දු කණ්ඩායමකට (PHOTOS)




ශ‍්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක් වන තර්ජිනී සිවලිංගම්ට  ඕස්ටේ‍්‍රලියාවේ දැල් පන්දු කණ්ඩායමකට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වී තිබෙනවා. 

ශ‍්‍රී ලංකාවේ දැල් පන්දු ක‍්‍රීඩිකාවට විදෙස් රටක දැල් පන්දු කණ්ඩායමකට ක‍්‍රීඩා කිරීමට හිමි වූ පළමු අවස්ථාව මෙයයි. 

ඒ අනුව තර්ජිනී මෙල්බර්න්, සිටි වෙස්ට් ෆැල්කන්ස් සහ ශාන්ත ඇල්බන්ස් යන  ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රමුඛ පෙලේ කණ්ඩායම්වලට ක‍්‍රීඩා කරනු ඇති. 

මාස 06ක කොන්ත‍්‍රාත් පදනම මත ඇය මෙම කණ්ඩායම්වලට තෝරාගෙන තිබෙනවා. 

තර්ජිනී සිවලිංගම් ලොව දක්ෂතම දැල් පන්දු විදින්නියක් මෙන්ම ආසියාවේ උසම දැල් පන්දු ක‍්‍රීඩිකාව ලෙස ද සැලකෙනවා.