Thursday, April 25, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය හදිසි මැතිවරණයක් කැඳවයි




බි‍්‍රතාන්‍යයේ හදිසි මැතිවරණයක් කැඳවන ලෙස එරට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ඉල්ලිමක් කරනවා. නිවේදනයක් කරමින් ඇය ඉල්ලා සිටියේ ලබන ජූනි 08 වන දින මහ මැතිවරණය කැඳවන ලෙසයි. යුරෝපා සංගමයෙන් ඉවත් විම සම්බන්ධ බ්‍රෙක්සිට් ජනමත විචාරණයෙන් අනතුරුව බි‍්‍රතාන්‍යයට ස්ථාවර දේශපාලන ගමනක් සහ ශක්තිමත් නායකත්වයක් අත්‍යවශ්‍ය බවයි තෙරේසා මේ අග‍්‍රාමාත්‍යවරිය පවසන්නේ.

ජනමත විචාරණයෙන් පසුව බි‍්‍රතාන්‍යය එකමුතු වෙමින් ඇති නමුත්  පාර්ලිමේන්තුවේ එකමුතු කමක් නොමැති බව ඇය පෙන්වා දෙනවා. කොන්සවේටිව් ලිබරල් සන්ධාන ආණ්ඩුව විසින් සම්මත කරනු ලැබූ නීතියට අනුව හදිසි මහ මැතිවරණයක් කැඳවීම සඳහා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ අනුව තෙරේසා මේ අග‍්‍රාමාත්‍යවරිය විසින් ගෙන ආ යෝජනාව පිලිබ`දව හෙට ඡන්ද විමසිමක් පැවැත්වීමට නියමිත බවයි බී බී සී ලෝක සේවය සඳහන් කළේ.