Friday, April 26, 2024

General line - 0115112241

අද සවසත් දරුවෙකුගේ සිරුරක් ගොඩ ගනී! මීතොටමුල්ලේ අලුත්ම තත්වය මෙන්න!




මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් අතුරුදන් වුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක‍්‍රියාත්මකයි. මේ වන විට අතුරුදන්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 10ක්. සිද්ධියෙන් පුද්ගලයන් තිස් එක්දෙනෙකු මිය ගියා. මෙහෙයුම් සිදු කරන හමුදා භට පිරිස් අද පස්වරුවේ කුඩා දරුවකුගේ මළ සිරුරක් සොයාගත් බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න ප‍්‍රකාශ කළේ. 

කසළ කන්ද කඩා වැටීමෙන් පවුල් 246කට අයත් පුද්ගලයින් 1059 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ඉන් පවුල් 76කට අයත් පුද්ගලයින් 284 දෙනෙකු රැඳී සිටින්නේ අවතැන් කඳවුරේයි. 

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මීතොටමුල්ල කසළ කන්ද ආශ‍්‍රිතව අවදානම් කලාප 03ක් හ`දුනා ගෙන තිබෙනවා. ඒ, කසළ කන්දේ තත්ත්වය පිළිබ`දව එම සංවිධානයේ කණ්ඩායමක් සිදු කළ නිරීක්ෂණයන්ට අනුවයි. නිවාස 130ක් පමණ මෙම අවදානම් කලාප 03ට අයත් බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස`දහන් කළේ. ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට යුද හමුදාව හරහා දැනුවත් කිරීම් සිදු කිරීමටද පියවර ගෙන තිබෙනවා.